Sunday, August 15, 2010

මිනිසුනේ!



මිනිසුනේ!
ඇති හොඳටෝම ඇති..
පෙලුනා .. තැලුනා
“ජෙලිය”
පේනවා වගේම හරිම මෙලකයි
දැනීම උපරිමයි
විශාදය.. ආතතිය.. අවඵලයි.
ගෞරවය..අභිමානය..යහපැවැත්මයි.

“ජෙලි..”
එකිනෙකින් බලගැන්වු
ව්‍යවස්ථාපිත වූ
රස.. පාට වගේම
නුසුදුසු..කල් ඉකුත් වූ
“ජෙලි..”
 “ජෙලිය”ට
ප්‍රතිලෝමව සලකයි

අව්වට වැස්සට පෙලුනා මදැයි
නුඹේ ඔය ජෙලි කළඳ
දැන් හයියෙ පදම නියමයි
“ජෙලි.. ජෙලි”
ජෙලි සමූහය
මුදු මෙලෙක් චාටු පෙනුම යොදාගෙන
නුඹේ හුස්ම නරක් කරාවි!

අහසටත් බැහැ පාත්වෙන්න උදව්වකට
හතර අත‍ට හතර කොණින් බැඳලයි තියෙන්නේ...

අවදිවෙන්-සිටගන්- “ජෙලිය”
ශබ්ද නගන්-සෙලවෙන් -“ජෙලිය” !!!

ලබ්-ඩබ්ට ලැජ්ජා හිතෙන
ඔප දැමූ
ප්‍රශස්ති ගැයෙන
ජෙලි ගොහොරුවේ
ප්‍රසූත වී නුඹේ දරුවත්
අඬාවි නිවටව!

2 comments:

  1. මිනිස්සුන්ට ඇහෙන්නේ නෑ.....උන් ගොරවා ගොරවා නිදි....මවා දී ඇති හීන බල බල......හීනයයි යථාර්තයයි අතර වෙනස නොදැකම.......:(

    ReplyDelete
  2. ඒක නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ....
    ස්තූතියි!!!

    ReplyDelete