Tuesday, June 22, 2010

අදහනු අකමැති සිදුවීම්...


නු‍‍‍ඹේ ඇඳුමට වඩා සුදු

වළාකුළු ඉරා
වැටෙන වැහිබිංඳු
ඇදගෙන යයි මහ පොළව
බෝ‍ඩිමේ පඩියට යටින්....

නු‍ඹේ කුස මහැර
වැළඳු රසබොජුන්
පැළඳු පිනි බිංදු
නැරඹූ පිය දසුන්
ඉකිගසයි
දෑස් පියාපත් අඩකුණු කරවමින්...

නුඹේ හිනහව වගේම සුදු
කොඩිය සැලි සැලී
නගන ගිගුම්
කණින් කණ හකුලයි


1.කුණු ගොඩක් ළගම ඒ කුණු ගොඩින් අහුලාගත් පිලුණු වු බත් පැකට්ටුවක් ආහාරයට ගන්නා මනුස්සයෙක් මගේ දෑසින්ම දුටුවත් මට තවමත් ඒ මොහොත අදහාගත නොහැකි වු සැටි තාමත් මතකය.

2.කොන්ක්‍රී‍ට් කැබැල්ලකින් ගසා නිදාගෙන සිටි ආබාධිත යාචකයකු මරා ඔහුගේ මුදල් පැහැරගත් සිද්ධියක් පුවත් පතක 
දුටු විට මට නිදාගන්නටත් භය සිතුනු හැටි මතකය.

3.කොළඹ බෝඩිමක නැවතී සිටි අවුරුදු 20ක ගැහැණු දරුවෙක් දුර්වල පෝෂණ තත්වය හේතුකරගෙන සාමාන්‍ය උණකටවත් මුහුණ දී ගත නොහැකිව මිය ගිය පුවත ඉහත කවිය ලියන්නට මට බල කරන ලද්දකි.

‍අහෝ! මා වටා සිදුවන්නේ අදහාගත නොහැකි සිදුවීම් සමුදායකි.
මේ මා කොළඹ දැක්ක ආකාරය විය හැකිය.කොළඹ මීට වඩා හොද විය හැකිය.
නමුත් මීටත් වඩා නරකක් තවත් ඉවසනු බැරිය.

 "මෙදියත මහා දුක් දැක දැක
නිතර නිතර මහා හයියෙන් හඩනු බැරිව
අමුණමි කවි අකුර අකුර
ඒ කවි
මගේ සිත් නෙතගින් වැටෙන
කවි කදුලුය"

මෙය මාගේ මිතුරකු විසින් මට කරන ලද සඳහනකි.එය මෙහිලා භාවිත කලාට මා හා අමනාප නොවනු ඇත.
මාගේද අත්තටු බිදී ඇත ඛලීල්,නුඹේ පෙම්වතිය මෙන්ම අන්ත අසරණවූ මිනිසකුව බේරාගත නොහැකිව බිදුණු අත්තටු වේදනාවෙන් මොරගාන හඩ මට හීනයෙන්ද ඇසේ.පියාපත් විහිදා ජීවත් වීමට නිදහස් විය යුතුය.නිදහස් වීම යනු නිර්වාණය ලගා කරගැනීමටය.එසේ නම් අප පාරමී දම් පිරීමට පටන් ගත යුතුය.සියලුම දෙනා තම තමන්ගේ ජීවිත වල බුදු වීම සඳහා පෙරුම් පුරන බවනම් සැබෑය.නමුත් එය නිර්වාණය අත් කර ගැනීමට නම් නොවේ.ලෞකික අසමසම බව අත්පත් කර ගැනීම සඳහාය.වෙනදේ ඔබ බොහෝ හොදින් දන්නේය.‍‍‍..විස්තර අනවැසිය.

ආදරය කරුණාව දයාව මෛත්‍රිය වාෂ්ප වී යමින් ආසාවේ හිරු තව තවත් රැස් විදා දිලෙන්නට පටන්ගෙනය.මාගේ මිතුරියක මගෙන් ඇසූ ප්‍රශ්නයක් වනුයේ "පිච්චෙන බව දැන දැනම ඇයි දුකටම ඇදෙන්නේ?" යන්නය.
මා ළග පිළිතුරක් නැත.ඒ මමය.ඔබද මෙසේ විය හැකිය.බිදන් බිද පිපාසාව නිවා දැමීමට බිදෙන් බිද දිය රැස් කල යුතුය.දිව ගිලිමට බොහෝ ආසන්නය.



No comments:

Post a Comment