Tuesday, August 30, 2011

මුහුද....


ඒයි මුහුද මේ බලනවා
මං ඔහේ ඉස්සරහා හිටගෙන ඉන්නවා
ඔය දියරැල්ලක් තරම්වත් පලල නෑ මම
පේනවද ඔහේගේ දරදඩු සිතිවිලි වල සැරට
ම‍ගේ සමබරතාවය බිදෙන හැටි..
ඒයි මං ඔහේටයි කතා කරන්නේ
කිව්වේ බිදින්නයි කියලා
මට ඇහුම්කන් නොදී සිටිනා 
සන්සුන් ඉරියව්ව...

මරන්න හිතෙන අමරණිය මල.....


 දිගම දිග
ලිපියක්  යැව්වෙමි.
එහි බැනුම් ද ඇත.
ගෙරවුම්ද ඇත.
ආදරය ද ඇත.
සෙනෙහසද කැව්වෙමි.

පිලිතුරු වශයෙන් ඊටත් වඩා 
බැනුම් ඇති
ගෙරවුම් ඇති
ආදරය ඇති
ඉරිසියාව ඇති
සෙනෙහසින් තෙත් වූ ලිපියක්
ඇවැසිව තිබුණි...

පින්න වැටෙන පාන්දරක
හැරෙන තැපෑලෙන්
ඔහු
මලක් එවා තිබුණි...


පාට තදය
පෙති මදිය
පරවෙන්නේද නැත
සුවද බලන්නට 
බැරිය.
ඒ මදිවාට ඒ මල ඩිජිටල්ය.

Wednesday, June 8, 2011

එfප් බී

දගලනවා
ඇඹරෙනවා
මිරිකෙනවා
හිනාවෙනවා
ඉගිකරනවා
එනවා යනවා
එfප් බී ඔයාට ලැජ්ජද.....

ප්‍රේමය




වැස්සේ සද්දේ
හීනයක්...
නැගිටිලා ඇහැරෙනකොට
ඔයාගේ හුර‍තලේ
හීනයක්....
වැස්සයි ඔයාගේ හුරතලෙයි
මේ වෙනකොට
උගුරළග ගුලියක්.....

අමාත්‍යාංශයේ මගුලක් ----------------------


අමාත්‍යාංශයේ මගුලක් 
----------------------


ක්ලාස් පීස් ගෙවලා ඉවරයි
බෝඩිම් පිසුත් ගෙව්වා
එක්සෑම් පීසුත් ගෙව්වා
විසිපහ ආයෙත් පීස් ගෙවන්න 
පුලුවන් දවස..
එදා වෙනකොට මගුල ඉවරයි
මල මගුලයි!
කැලේ සත්තු ඔක්කොම 
රැස් වුණා
මොණරියට මගුලට යන්න
ප්‍රජාතන්ත්‍රවාදය ඇන්දුවා....

Thursday, March 24, 2011

මම යනව ටීවී ක‍ඩේ වීදුරුවෙන් ලංකාවෙ මැච් එක බලන්න.


නැගිටින්න!
මොකද මේ
ඔලුව හංගගෙන නිදි
නැගිටින්නකෝ..සුභ අනාගතයකට යන්න.


කිරිබත් කාලා මෙහෙමත් නිදියනවද?
අලුත් වාහන ඇවිත්
බඩු මිල ගිහින්


තව කොයි තරම් දේවල්ද!!


මොකද.. කෙදිරිගාන්නෙ..
හා හා
ඔහේ එහෙනම් ඔහේම ඉන්නවා.


මම යනව ටීවී ක‍ඩේ වීදුරුවෙන්
ලංකාවෙ මැච් එක බලන්න.
අතට වැටෙන කාසියකින්
බඩපත පුරවගන්න...

Thursday, January 6, 2011

‍සංකර කෙල්ල!


සුළගත් රිද්ද රිද්දා 
හමන නගරයේ 
පියෙන් පිය තබන විට
පසු කරන් එකින් එක වීදි
තුරු
පහන් කණු
‍ගොඩනැගිලි
ඇවිදින රූප
දිගුකරති සාම්ප්‍රදායික
ඇගිල්ල
ඔප දැමූ හෘද සාක්ෂිය වෙත
උඹ නේද? අර..
ආගම
සංස්කෘතිය 
සදාචාරය
නොදන්න සාරි අදින
සංකර කෙල්ල!