Tuesday, March 27, 2012

එළවළු මිල ගණින අපෙ අප්පච්චි

නුදුරු දිනෙක පොද වැස්සක් දලු ලෑවා
බලාපොරොත්තු අපේ අප්පච්චිගේ..
එහෙනම් හෙට අනිද්දා එලවළු මිල ගණන් යාවි
වැස්සානේ කාලෙකට පස්සේ..



අපේ අප්පච්චි තාමත් මිල ගණිමින්
වැස්සත් දවස් දෙකක් තුනක්....
ගිය කන්නෙත් පාඩු 
මේ කන්නෙත් අතින් පාඩු වෙච්චි..


හපොයි දරුවෝ !
අව්වට වැස්සට එළවළු මිල 
වෙනස් වුණු 
කාලෙ ගෙවිලා ගිහින් ..
දැන් එව්වායේ පාලනේ
බලය ඇත්තන්ගෙ අතේ....



අදත් හෙටත් බලාඉන්නට වුණොත්
පිට පොත්තට යාං වේවි
උඔලගෙයි අපෙයි බඩ පොත්ත ‍‍‍...





Tuesday, August 30, 2011

මුහුද....


ඒයි මුහුද මේ බලනවා
මං ඔහේ ඉස්සරහා හිටගෙන ඉන්නවා
ඔය දියරැල්ලක් තරම්වත් පලල නෑ මම
පේනවද ඔහේගේ දරදඩු සිතිවිලි වල සැරට
ම‍ගේ සමබරතාවය බිදෙන හැටි..
ඒයි මං ඔහේටයි කතා කරන්නේ
කිව්වේ බිදින්නයි කියලා
මට ඇහුම්කන් නොදී සිටිනා 
සන්සුන් ඉරියව්ව...

මරන්න හිතෙන අමරණිය මල.....


 දිගම දිග
ලිපියක්  යැව්වෙමි.
එහි බැනුම් ද ඇත.
ගෙරවුම්ද ඇත.
ආදරය ද ඇත.
සෙනෙහසද කැව්වෙමි.

පිලිතුරු වශයෙන් ඊටත් වඩා 
බැනුම් ඇති
ගෙරවුම් ඇති
ආදරය ඇති
ඉරිසියාව ඇති
සෙනෙහසින් තෙත් වූ ලිපියක්
ඇවැසිව තිබුණි...

පින්න වැටෙන පාන්දරක
හැරෙන තැපෑලෙන්
ඔහු
මලක් එවා තිබුණි...


පාට තදය
පෙති මදිය
පරවෙන්නේද නැත
සුවද බලන්නට 
බැරිය.
ඒ මදිවාට ඒ මල ඩිජිටල්ය.

Wednesday, June 8, 2011

එfප් බී

දගලනවා
ඇඹරෙනවා
මිරිකෙනවා
හිනාවෙනවා
ඉගිකරනවා
එනවා යනවා
එfප් බී ඔයාට ලැජ්ජද.....

ප්‍රේමය




වැස්සේ සද්දේ
හීනයක්...
නැගිටිලා ඇහැරෙනකොට
ඔයාගේ හුර‍තලේ
හීනයක්....
වැස්සයි ඔයාගේ හුරතලෙයි
මේ වෙනකොට
උගුරළග ගුලියක්.....

අමාත්‍යාංශයේ මගුලක් ----------------------


අමාත්‍යාංශයේ මගුලක් 
----------------------


ක්ලාස් පීස් ගෙවලා ඉවරයි
බෝඩිම් පිසුත් ගෙව්වා
එක්සෑම් පීසුත් ගෙව්වා
විසිපහ ආයෙත් පීස් ගෙවන්න 
පුලුවන් දවස..
එදා වෙනකොට මගුල ඉවරයි
මල මගුලයි!
කැලේ සත්තු ඔක්කොම 
රැස් වුණා
මොණරියට මගුලට යන්න
ප්‍රජාතන්ත්‍රවාදය ඇන්දුවා....

Thursday, March 24, 2011

මම යනව ටීවී ක‍ඩේ වීදුරුවෙන් ලංකාවෙ මැච් එක බලන්න.


නැගිටින්න!
මොකද මේ
ඔලුව හංගගෙන නිදි
නැගිටින්නකෝ..සුභ අනාගතයකට යන්න.


කිරිබත් කාලා මෙහෙමත් නිදියනවද?
අලුත් වාහන ඇවිත්
බඩු මිල ගිහින්


තව කොයි තරම් දේවල්ද!!


මොකද.. කෙදිරිගාන්නෙ..
හා හා
ඔහේ එහෙනම් ඔහේම ඉන්නවා.


මම යනව ටීවී ක‍ඩේ වීදුරුවෙන්
ලංකාවෙ මැච් එක බලන්න.
අතට වැටෙන කාසියකින්
බඩපත පුරවගන්න...