Wednesday, September 1, 2010

ව්‍යාපෘතිය





විවාහ ව්‍යාපෘතිය අවසානයි.
දිගත් නැති පලලත් නැති
මෙලෝ රහක් නැති
ව්‍යාපෘති විවාහයට අවසරයි.



මං දකින ලෝකය....

මං දකින ලෝකය....
කළු පාටට ඉරි ඇගෙන
ඒ උඩ එහෙට මෙහෙට දුවන්නේ...
නිල් ඕසෝන් සුදු කාබන්ලා
බෙදා වෙන්කරගන්නේ..
ඒ ඉරි ටිකකින් මැකෙන්නේ...
කොළ පාටම ඇඳන් හරිත කැලෑ
කාන්තාර මුඩු බිම් එහෙමත් නැති
තැන්වලත් සද්ද නොදාත්
මරාගන්නේ මරාදමන්නේ....

තටු ගගහා ගින්නට පැනලා
ඒකෙම වෙලිලා පිච්චෙන්නේ....
ක්රෑස් හඬිනුත් හඬක් නැතිවත්
මුළු රෑම මූසල කරවන්නේ.....
තට්ටු තට්ටු උඩු දුවන්නේ..
මේ පාටවල්ම උස් මුදුන් යා කරන්නේ....

ටකස්..ටකස්...රස බොජුන්....
වීදුරු හරි ලස්සනයි

විනිවිදත් පෙනෙයි ‚අතරින් පාටත් පේන්නේ....
පාර්ලි*!මේන් ඉන්තු* මත්වෙන්නේ...
ඒක ‍එපා! අරක හොඳයි.
මහත්තයෝ‚ගෙදර දරු බඩගින්නේ
එයා දාලා ගියේ ගිය සුමානේ
ඒකයි මේ....
සාදු!දෙයිවමේ!
හඳුන් දම් මැද බෝ කොළ සෙලවෙන්නේ...
එහෙ‍මයි කිව්වට මෙහෙමයි කරන්න‍ වෙන්නේ...

උඹලා සී‚එච්‚ඕ‚එන්‚පී‚කේ
කියලා හොයාගත්තනේ....
ඒවයේ සමඟියේ බලය වෙන්නැති
එකඑක විදියට ‍දකින්න ලැබෙන්නේ....
මඟුල් තුනක් එක දවසේ කකා
නිවනට පිදුරුදා ගිනි තියාගන්නේ....


නිවන කොහිද?
මෙහෙ තව කොයි තරම් දේවල්ද හාමුදුරුවනේ....