Wednesday, June 8, 2011

අමාත්‍යාංශයේ මගුලක් ----------------------


අමාත්‍යාංශයේ මගුලක් 
----------------------


ක්ලාස් පීස් ගෙවලා ඉවරයි
බෝඩිම් පිසුත් ගෙව්වා
එක්සෑම් පීසුත් ගෙව්වා
විසිපහ ආයෙත් පීස් ගෙවන්න 
පුලුවන් දවස..
එදා වෙනකොට මගුල ඉවරයි
මල මගුලයි!
කැලේ සත්තු ඔක්කොම 
රැස් වුණා
මොණරියට මගුලට යන්න
ප්‍රජාතන්ත්‍රවාදය ඇන්දුවා....

Thursday, March 24, 2011

මම යනව ටීවී ක‍ඩේ වීදුරුවෙන් ලංකාවෙ මැච් එක බලන්න.


නැගිටින්න!
මොකද මේ
ඔලුව හංගගෙන නිදි
නැගිටින්නකෝ..සුභ අනාගතයකට යන්න.


කිරිබත් කාලා මෙහෙමත් නිදියනවද?
අලුත් වාහන ඇවිත්
බඩු මිල ගිහින්


තව කොයි තරම් දේවල්ද!!


මොකද.. කෙදිරිගාන්නෙ..
හා හා
ඔහේ එහෙනම් ඔහේම ඉන්නවා.


මම යනව ටීවී ක‍ඩේ වීදුරුවෙන්
ලංකාවෙ මැච් එක බලන්න.
අතට වැටෙන කාසියකින්
බඩපත පුරවගන්න...

Thursday, January 6, 2011

‍සංකර කෙල්ල!


සුළගත් රිද්ද රිද්දා 
හමන නගරයේ 
පියෙන් පිය තබන විට
පසු කරන් එකින් එක වීදි
තුරු
පහන් කණු
‍ගොඩනැගිලි
ඇවිදින රූප
දිගුකරති සාම්ප්‍රදායික
ඇගිල්ල
ඔප දැමූ හෘද සාක්ෂිය වෙත
උඹ නේද? අර..
ආගම
සංස්කෘතිය 
සදාචාරය
නොදන්න සාරි අදින
සංකර කෙල්ල!

Wednesday, October 6, 2010

මල්ලී...

මල්ලී
රණ්ඩු කර කර හිටි
සරුංගල් හිත ගැට ගහලා
සිලි සිලි යේ සලිත වුණු ඔච්චම්
දඬු ක‍ඳේ බැඳලා
ලොකු නමක් තියෙන
දිග‍ට දිග පාරක් තියෙන
කකුල් හති වැටෙනකං
ඇවිදින්න වෙන
බෝඩිමක
දුක් විඳින්න නවත්තලා
මං ආවා
මහ වැ‍ස්සෙ තෙමි තෙමී
මුලු පාර පුරාම අහුරගෙන හිටි
මීදුමට තුරුළුවෙවී
අතීතය මහපොළවෙ වැදී
විසිරෙන්නට හැර
ගලා එන
ලබන මාසේ  බෝඩිං ගාස්තු ......

Wednesday, September 1, 2010

ව්‍යාපෘතිය





විවාහ ව්‍යාපෘතිය අවසානයි.
දිගත් නැති පලලත් නැති
මෙලෝ රහක් නැති
ව්‍යාපෘති විවාහයට අවසරයි.



මං දකින ලෝකය....

මං දකින ලෝකය....
කළු පාටට ඉරි ඇගෙන
ඒ උඩ එහෙට මෙහෙට දුවන්නේ...
නිල් ඕසෝන් සුදු කාබන්ලා
බෙදා වෙන්කරගන්නේ..
ඒ ඉරි ටිකකින් මැකෙන්නේ...
කොළ පාටම ඇඳන් හරිත කැලෑ
කාන්තාර මුඩු බිම් එහෙමත් නැති
තැන්වලත් සද්ද නොදාත්
මරාගන්නේ මරාදමන්නේ....

තටු ගගහා ගින්නට පැනලා
ඒකෙම වෙලිලා පිච්චෙන්නේ....
ක්රෑස් හඬිනුත් හඬක් නැතිවත්
මුළු රෑම මූසල කරවන්නේ.....
තට්ටු තට්ටු උඩු දුවන්නේ..
මේ පාටවල්ම උස් මුදුන් යා කරන්නේ....

ටකස්..ටකස්...රස බොජුන්....
වීදුරු හරි ලස්සනයි

විනිවිදත් පෙනෙයි ‚අතරින් පාටත් පේන්නේ....
පාර්ලි*!මේන් ඉන්තු* මත්වෙන්නේ...
ඒක ‍එපා! අරක හොඳයි.
මහත්තයෝ‚ගෙදර දරු බඩගින්නේ
එයා දාලා ගියේ ගිය සුමානේ
ඒකයි මේ....
සාදු!දෙයිවමේ!
හඳුන් දම් මැද බෝ කොළ සෙලවෙන්නේ...
එහෙ‍මයි කිව්වට මෙහෙමයි කරන්න‍ වෙන්නේ...

උඹලා සී‚එච්‚ඕ‚එන්‚පී‚කේ
කියලා හොයාගත්තනේ....
ඒවයේ සමඟියේ බලය වෙන්නැති
එකඑක විදියට ‍දකින්න ලැබෙන්නේ....
මඟුල් තුනක් එක දවසේ කකා
නිවනට පිදුරුදා ගිනි තියාගන්නේ....


නිවන කොහිද?
මෙහෙ තව කොයි තරම් දේවල්ද හාමුදුරුවනේ....

Sunday, August 15, 2010

මිනිසුනේ!



මිනිසුනේ!
ඇති හොඳටෝම ඇති..
පෙලුනා .. තැලුනා
“ජෙලිය”
පේනවා වගේම හරිම මෙලකයි
දැනීම උපරිමයි
විශාදය.. ආතතිය.. අවඵලයි.
ගෞරවය..අභිමානය..යහපැවැත්මයි.

“ජෙලි..”
එකිනෙකින් බලගැන්වු
ව්‍යවස්ථාපිත වූ
රස.. පාට වගේම
නුසුදුසු..කල් ඉකුත් වූ
“ජෙලි..”
 “ජෙලිය”ට
ප්‍රතිලෝමව සලකයි

අව්වට වැස්සට පෙලුනා මදැයි
නුඹේ ඔය ජෙලි කළඳ
දැන් හයියෙ පදම නියමයි
“ජෙලි.. ජෙලි”
ජෙලි සමූහය
මුදු මෙලෙක් චාටු පෙනුම යොදාගෙන
නුඹේ හුස්ම නරක් කරාවි!

අහසටත් බැහැ පාත්වෙන්න උදව්වකට
හතර අත‍ට හතර කොණින් බැඳලයි තියෙන්නේ...

අවදිවෙන්-සිටගන්- “ජෙලිය”
ශබ්ද නගන්-සෙලවෙන් -“ජෙලිය” !!!

ලබ්-ඩබ්ට ලැජ්ජා හිතෙන
ඔප දැමූ
ප්‍රශස්ති ගැයෙන
ජෙලි ගොහොරුවේ
ප්‍රසූත වී නුඹේ දරුවත්
අඬාවි නිවටව!